ප්‍රාග් ඓතිහාසික යුගයේ නාග, යක්ෂ, දේව හා රාක්ෂ ආදී සිව් මහා කුල වලට අයත්
වාසීන් ශ්‍රී ලංකාද්වීපය තුල විසූ බව අපේ වංශකතාවල සදහන් වේ.බුදු සමය තුල ජනාදරයට
පත් අනුරාධපුරය, පොළොන්නරුව වැනි නගරයන්ට වඩා පැරණි ඉතිහාසයක් කැලණිය හා එහි විසූ
නාග ගෝත්‍රිකයන්ට හිමි වේ.
මේ පිලිබද ජනප්‍රවාදගත තොරතුරු රාවණ යුගය දක්වාම දිව
යයි.සිය සොයුරු වූ රාවණ හට ද්‍රෝහී වීම නිසා විභිෂණයන්ට යක්ෂ, රාක්ෂ ජන සහාය
නොලැබුණු බැවින් ඔහුගේ රාජධානිය කැලණියේ පිහිටුවා ගත්තේ කැලණි මිටියාවතේ ජීවත් වූ
නාග ගෝත්‍රිකයන්ගේ සහාය ඔහුට ලැබුණු නිසා බව විද්වතුන්ගේ මතයයි.
මහමෙර අසල, මනිනාග දිවයින, යමුනා ගඟයට, කැලණි ගඟ යට සතර නා භාවනක් ඇති බවද
එක්තරා මතයකි.අතීතයේ නාගයෝ රටේ ප්‍රධාන කොටස් තුනක් පුරා පැතිර පාලනයෙහි යෙදී
සිටියහ.නාගදීපය යනුවෙන් හැදින්වුයේ වර්තමානයේ යාපා පටුන නමින් හැදින්වෙන
පළාතයි.වඩුන්නාගල නමින් හැදින්වුයේ වර්තමානයේ කල්පිටිය නමින් හැදින්වෙන පෙදෙසයි.කැලණිය
වශයෙන් හැදින්වුයේ වර්තමානයේද කැලණිය ලෙසින් හදුන්වන ප්‍රදේශයයි.