Monday, July 22, 2019
කථකලි නර්තන සම්ප‍්‍රදාය
කථකලි නර්තනයෙහි ප‍්‍රභවය ඇති වූයේ දක්ෂිණ භාරතයෙහි කේරළ ප‍්‍රාන්තයෙහිය. එය මලබාරය නමින් ද හැඳින්වේ. ඉතාමත් අසීරු වූ නැටුම් අභ්‍යාසයවන්ගෙන් සමන්විත කථකලි තාණ්ඩව හා ලාස්‍ය යන කොටස් දෙකෙන්ම යුක්තය. භාරතයේ මහා කාව්‍යයන් වන මහා භාරතය, රාමායනය, භගවත් ගීතාව යන ග‍්‍රන්ථයන්හි එන කතා ඇසුරින් ගෙතුණු කතාන්දර රඟ දැක්වීම කථකලි නර්තනයේදී සිදු කෙරේ.
දකුණු ඉන්දියාවේ බටහිර ප‍්‍රදේශයේ කේරළය අරාබි මුහුදත්, ඝාට්ස් කඳුවැටියත්් අතර පිහිටා ඇත. එහි දකුණු කෙළවර අවසන් වන්නේ ඉන්දියන් සාගරයෙන්ය. එම නිසා කේරළය අන් රටවලින් වෙනස් වීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ් සමාජීය, දේශපාලනික, සංස්කෘතික අංග වලදී වෙනස්කම් දක්නට ලැබේ. කේරළයේ මුල් පදිංචි කරුවන් වන්නේ ද්‍රවිඩයන්ය. අනතුරුව ආර්යයන්ගේ සංක‍්‍රමණයන් නිසා මිශ‍්‍ර සංස්කෘතියක් ඇති වූ අතර කථකලි නැටුම ඇති වූයේ එම මිශ‍්‍ර සංස්කෘතියේය.
Subscribe to:
Comments (Atom)
-
භරත මුණිගේ නාට්‍ය ශාස්ත්රයේ ඇති සියලූම නීති රීති වලට එකඟ වූත්, ඉතා පැරණී වූත්, ශාස්ත්‍රීය වූත් නාට්‍ය ක්‍රමය භරත...
-
කථකලි නර්තනයෙහි ප‍්‍රභවය ඇති වූයේ දක්ෂිණ භාරතයෙහි කේරළ ප‍්‍රාන්තයෙහිය. එය මලබාරය නමින් ද හැඳින්වේ. ඉතාමත් අසීරු වූ නැටුම් අභ්‍යාසයවන්ගෙන්...
-
නර්ථන කලාව හා චිත්‍ර කලාව ස්වාධීන කලා මාධ්‍යයන් දෙකක් වේ. චලනය නර්ථනයේ මාධ්‍ය වන අතර වර්ණ, රේඛා, හැඩතල චිත්‍ර කලාවේ මාධ්‍ය වේ. චිත්...
