Sunday, July 28, 2019

භරත නාට්‍යම්



                    භරත මුණිගේ නාට්‍ය ශාස්ත‍්‍රයේ ඇති සියලූම නීති රීති වලට එකඟ වූත්, ඉතා පැරණී වූත්, ශාස්ත‍්‍රීය වූත් නාට්‍ය ක‍්‍රමය භරත නාට්‍යම් නම් වේ.

ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයේ දෙමළ ජනයාගේ ජාතික නර්තන ක‍්‍රමය බවට අද පත්වී ඇතත් ඈත අතීතයේ මුලූ භාරතයේම ප‍්‍රචලිතව පැවති නර්තන ක‍්‍රමය ලෙස සැලකීමට සාක්ෂි එමටව ඇත. විදේශිය ආක‍්‍රමණයන් (පර්සියන්, මෝගල්) සමඟ උතුරු ඉන්දියාවෙන් ඇති වූ මෙම නර්තන ක‍්‍රමය දකුණු ඉන්දියාවේ තාන්ජෝරය (තාන්ජෝරයේ අගනුයර මධුරාසිය) කේන්ද්‍රකොට ගෙන ප‍්‍රචලිත විය.

භරත නාට්‍යම් හි ප‍්‍රභවය පිළිබඳ විවිධ මත ඇත. සාමාන්‍ය වශයෙන් කි‍්‍රස්තු වර්ෂ 2-4 සියවසට සීමා කරන භරත මුණිගේ කාලයේ ඔහු විසින් රචිත නාට්‍ය ශාස්ත‍්‍රය නැමැති ග‍්‍රන්ථයේ භරත නාට්‍යම් හි උපත දක්වා ඇත්තේ මෙසේය.

ඍග්, යජූර්, සාම, අථර්වන් යන වේද සතර සියලූ දෙනාට ඉගෙනීමට නොහැකි වූයෙන් මහා බ‍්‍රහ්ම තෙමේ වේද සතරෙන්ම කොටස් ගෙන පස් වන වේදය ලෙස භරත නාට්‍යම් (නාට්‍ය වේදය) නිර්මාණය කරන ලදී.


මහා ඍෂි විසින් ශිව හා පාර්වතී ඉදිරියේ රඟ දක්වන ලද සමුද්‍ර මතය නම් නෘත්‍ය නාටන බලා සතුටු වූ මහා බ‍්‍රහ්ම තෙමේ පස්වන වේදය වශයෙන් නිර්මාණය කරන ලද භරත නාට්‍යයේ එන නැටුම් බලා ඉතා සතුටුව ශිව දෙවියා භරත නාට්‍යයේ එන තාණ්ඩව නර්තන කොටස් තාණ්ඩු කුමාරයාටද, ශිවගේ බිරිය විසින් එම නැටුමෙහි එන ලාස්‍ය කොටස් ඌෂාට ද උගන්වන ලදී. ඉන්පසු එම දෙදෙනාගෙන් එම නැටුම පැවත එන බවද පැවසේ.

භාව, රාග, තාල යන අංග තුනෙන් සමන්විත වූ මෙම රංග ක‍්‍රමයට භරත යන නම සෑදී ඇත්තේ භාව යන අරුතින් භ යන්නද රාග යන අරුතින් ර යන්නද තාල යන අරුතින් ත යන්නද ගෙන බවත් පෙර පඩිවරු විසින් එය හඳුන්වා දී ඇති බවත් විචාරක මතයයි.
ඇතැම් විචාරක මතය වන්නේ මුලූ භාරතය පුරා ඉතාමත් දියුණුව පැවැති නැටුම් සියල්ලෙහිම වූ ඉතා වැදගත් වූත් ශාස්ත‍්‍රීය වූත් කොටස් සියල්ල ගෙන එක් රැුස් කර නීති මාලාවක් සකස් කර භරත මුණි විසින් මෙය ග‍්‍රන්ථාරූඩ කර ඇත්තේ නර්තනය කල විට සමාජයේ බලපෑම් වලින් ෂණය වීම වැළැක්විමට බවයි.

ක‍්‍රිස්තු පූර්ව 4-5 සියවස් වලින් අනතුරුව මෙම නාට්‍ය ක‍්‍රමය අභාවයට යන්නට විය. මුස්ලිම් මෝගල් ආධිපත්‍ය සමඟ උතුරු ඉන්දියාවේ හින්දුස්ථානි සංගීතයත්, කථක් නර්තනයත් ප‍්‍රචලිත විය. මෙකී සංස්කෘතික ගැටළු වලට ලක්ව තිබූ භරත නර්තනය වර්තමාන තත්ත්වයට සකස් කරන ලද්දේ 1798-1824 යන කාල වකවානුවේ දකුණු ඉන්දියාවේ පන්දනාලූර් පෙළපතේ දාසි ආට්ටම් සඳහා ප‍්‍රවීණ ගුරු පරම්පරාවක් වූ චින්නයියා, පොන්නයියා, වඩිවේළු, ශිවනාදන් වන තාන්ජාවුර් සහෝදරයන් සතර දෙනා විසිනි. දාසි ආට්ටම් ලෙස හැඳින්වූ මෙම නර්තනයට භරත නාට්‍යම් ලෙස නව මුහුණුවරක් දෙන ලද්දේ මෙම සොයුරු පරපුරෙන් පැවත එන ශ‍්‍රී මීනාක්ෂි සුන්දරම් පිල්ලෙයි විසිනි.

චිරාගත සම්ප‍්‍රදාය අනුව හින්දු කෝවිල් වල දේව භක්තිය පෙන්වීම සඳහා උපයෝගි කරගනු ලැබුවේ භරත නාට්‍යම්ය. හින්දු කෝවිල් වල දෙවියන් වෙනුවෙන් ඇප කැප වී සිටි දේව දාසීන් තම භක්තිය පෙන්වීම මාධ්‍ය කරගත් මෙම නර්තන කලාව අද උසස් මෙන්ම උගත් වනිතාවන් අතට පත් වීමෙන් විශාල ව්‍යාප්තියකට පත්ව ඇත.



10 comments: