Sunday, July 28, 2019
භරත නාට්‍යම්
භරත මුණිගේ නාට්‍ය ශාස්ත‍්‍රයේ ඇති සියලූම නීති රීති වලට එකඟ වූත්, ඉතා පැරණී වූත්, ශාස්ත‍්‍රීය වූත් නාට්‍ය ක‍්‍රමය භරත නාට්‍යම් නම් වේ.
ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයේ දෙමළ ජනයාගේ ජාතික නර්තන ක‍්‍රමය බවට අද පත්වී ඇතත් ඈත අතීතයේ මුලූ භාරතයේම ප‍්‍රචලිතව පැවති නර්තන ක‍්‍රමය ලෙස සැලකීමට සාක්ෂි එමටව ඇත. විදේශිය ආක‍්‍රමණයන් (පර්සියන්, මෝගල්) සමඟ උතුරු ඉන්දියාවෙන් ඇති වූ මෙම නර්තන ක‍්‍රමය දකුණු ඉන්දියාවේ තාන්ජෝරය (තාන්ජෝරයේ අගනුයර මධුරාසිය) කේන්ද්‍රකොට ගෙන ප‍්‍රචලිත විය.
භරත නාට්‍යම් හි ප‍්‍රභවය පිළිබඳ විවිධ මත ඇත. සාමාන්‍ය වශයෙන් කි‍්‍රස්තු වර්ෂ 2-4 සියවසට සීමා කරන භරත මුණිගේ කාලයේ ඔහු විසින් රචිත නාට්‍ය ශාස්ත‍්‍රය නැමැති ග‍්‍රන්ථයේ භරත නාට්‍යම් හි උපත දක්වා ඇත්තේ මෙසේය.
ඍග්, යජූර්, සාම, අථර්වන් යන වේද සතර සියලූ දෙනාට ඉගෙනීමට නොහැකි වූයෙන් මහා බ‍්‍රහ්ම තෙමේ වේද සතරෙන්ම කොටස් ගෙන පස් වන වේදය ලෙස භරත නාට්‍යම් (නාට්‍ය වේදය) නිර්මාණය කරන ලදී.
Subscribe to:
Comments (Atom)
-
භරත මුණිගේ නාට්‍ය ශාස්ත‍්‍රයේ ඇති සියලූම නීති රීති වලට එකඟ වූත්, ඉතා පැරණී වූත්, ශාස්ත‍්‍රීය වූත් නාට්‍ය ක‍්‍රමය භරත...
-
කථකලි නර්තනයෙහි ප‍්‍රභවය ඇති වූයේ දක්ෂිණ භාරතයෙහි කේරළ ප්රාන්තයෙහිය. එය මලබාරය නමින් ද හැඳින්වේ. ඉතාමත් අසීරු වූ නැටුම් අභ්යාසයවන්ගෙන්...
-
නර්ථන කලාව හා චිත්‍ර කලාව ස්වාධීන කලා මාධ්‍යයන් දෙකක් වේ. චලනය නර්ථනයේ මාධ්‍ය වන අතර වර්ණ, රේඛා, හැඩතල චිත්‍ර කලාවේ මාධ්‍ය වේ. චිත්...
